Skip to content
- Profile එක 100% complete කරගන්න. Portfolio items/testimonials අනිවාරෙන් add කරගන්න. ජොබ්ස් වලට ඇප්ල්යි කරද්දී ඔයාලට හොදටම පුළුවන් කියල හිතෙන ඒවාට විතරක් ඇප්ල්යි කරන්න.
- Active contract එකක් නැතිව කිසිම වැඩක් පටන් ගන්න එපා.
- Offer එකක් ආවම accept කරන්න කලින් බලන්න ක්ලයන්ට් ඔක්කොම project details/assets ටික දුන්නද කියල. ඔක්කොම හරියටම තියෙනවනම් විතරක් accept කරන්න
- Hourly project කරද්දී හම්බවෙන Hourly protection එක හරියට ගන්නනම් අනිවාරෙන් Upwork time tracker එකේ “Memo” section එකේ ඔයාල කරන වැඩේ ගැන Update කරන්න.
- ජොබ් පොස්ට් එකකට ඇප්ල්යි කරද්දී ක්ලයන්ට් ප්‍රශ්නයක් අහල තියෙනවනම් ඒකට හොදට උත්තරයක් දෙන්න මොකද ක්ලයන්ට්ගෙ සයිඩ් එකේ coverletter එකට කලින් පේන්නේ ඒ කොටස නිසා.
- පුළුවන් තරම් ක්ලයන්ට්ගෙ වැඩේ ලේසියෙන් ඉක්මනින් quality එකට කරන්න පුළුවන් විදිහ සහ ඔයාල ක්ලයන්ට්ගෙ ප්‍රොජෙක්ට් එකට සමාන කලින් කරලා තියෙන ප්‍රොජෙක්ට් වල ලින්ක් coverletter එකට දාන්න පුලුවන්නම් ක්ලයන්ට් බොහෝදුරට contact කරන්න ඉඩ තියෙනවා.
- ලංකාවේ ඉන්නවා කියල අඩු rate වලට යන්න අවශ්‍ය නැහැ, මොකද ක්ලයන්ට්ගෙ වැඩේ හරියට කරලා දෙන්න පුලුවන්නම් එයාලට අපි ඉන්න තැන වැදගත් නැහැ. අලුතින් join වෙච්ච අය feedback ටිකක් වැඩිවෙනකම් පොඩ්ඩක් අඩු rate වලට කරාට කමක් නෑ.
- Coverletter එකට porfolio items add කරද්දී පුළුවන් තරම් ක්ලයන්ට්ට online බලන්න පුළුවන් ලිනක්ස් දෙන්න, download karanna attachment දෙන්න යන්නන එපා (dropbox, gdrive වගේ sites පාවිච්චි කරන්න )
- වැඩක් කරද්දී deadlines පහුකරගන්න එපා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ක්ලයන්ට්ට ඒ ගැන කලින් කියන්න. Deadline එකට පුළුවන් තරම් කලින් වැඩේ quality එකට කරලා දෙන්න. හැම තිස්සෙම ක්ලයන්ට් ඉල්ලනවට වඩා වැඩි දෙයක් දෙන්න බලන්න.
- JSS score එක පල්ලෙහට වැටිලනම් අධර්යමත් වෙන්න එපා, පුළුවන් තරම් ක්ලයන්ට්ගෙ වැඩේ deadline එකට කලින් හොදට කරලා දීල හොද ratings ගන්න. නිතරම අලුත් ජොබ්ස් වලට apply කරන්න. ඒක ඉක්මනට හරියයි.
- පුළුවන් හැම වෙලාවෙම site එකේ active ඉන්න, jobs වලට apply කරන්න. එහෙම කරද්දී invites එන ප්‍රමාණය වැඩිවෙනවා.
- හැම තිස්සෙම ඔයාලගේ field එකේ දේවල් වලට අදාලව uptodate ඉන්න . විශේෂයෙන්ම AI technologies පාවිච්චි කරලා ක්ලයන්ට්ගෙ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් විදි ගැන ඉගෙන ගන්න.