Top Rated & Top Rated Plus Perk එකක් වූ Feedback Removal Option එක සැප්තැම්බර් 3 වැනිදායින් ඉවත්වන අතර Upwork හි සේවා කොන්දේසි (TOS) උල්ලංඝනය කරන feedback ඉවත් කරන බවට Upwork සමාගම සහතික වෙයි.
අපවාදාත්මක, තර්ජනාත්මක, හෝ Upwork හි නීති කඩ කරන වෙනත් feedback ලැබුනහොත් එය Upwork වෙත වාර්තා කිරීමෙන් ඒවා ඉවත් කර ගත හැක. තවද එකක් ඉවත් කර ගත්තාට පසු Top Rated Perk එක වගේ මාස 3ක කාලයක් බලාසිටිය යුත්තේද නැත, projects 10ක් ද ඉවර කර යුතු නැත. TOS උල්ලංඝනය කරන feedback සියල්ලම ඔබට ඉවත් කරගත හැක. Feedback ඉවත් කර ගැනීමට ඔබ Top Rated හෝ Top Rated Plus විය යුතු නැත. Feedback ඉවත් කළ පසු ඔබේ JSS එකට බලපෑමක් සිදු නොවේ.
TOS උල්ලංඝනය කරලා නැති negative feedback එකක් මට ලැබුනා, මං මොකද්ද දැන් කරන්න ඕනේ ?
- Client එක්ක කතා කරලා feedback එක වෙනස් කරගන්න බලන්න
- Client ගෙ feedback එකට reply කරන්න.මේක හැමෝටම පේන නිසාත් post කරාට පස්සේ මේක edit කරන්න බැරි නිසාත් හොදට හිතලා reply කරන්න.
Upwork Acadamy එකෙන්/ community එකෙන්/ Upwork coach කෙනෙක් මගින් මේ වගේ feedback අවම කරගන්නේ කොහොමද කියල ඉගෙන ගෙන දිගටම projects වලට ඇප්ලයි කරන්න.
ඔයාලා මොකද හිතන්නේ මේ අලුත් feedback removal policy එක ගැන?