Job Success Score නොහොත් JSS ගැන ටිකක් කතාකරමු

දෙසැම්බර් මාසේ Upwork freelancers ලගේ feedback එක්ක ලොකු වෙනසක් කළා. අපි බලමු ඒ මොනාද කියලා – 

  • ඉස්සර JSS score එකක් ගන්න clients ලා දෙන්නෙක්ගේ ජොබ්ස් 4ක් කරන්න වුනා. ඒ වුනාට දැන් clients ලා දෙන්නෙක්ගේ ජොබ්ස් 2ක් ඉවර කරාම JSS score එකක් ගන්න පුළුවන්. අවුරුදු 2ක් ඇතුලත ජොබ් 2ක් කරලා තියෙනවනම් JSS score එකක් හම්බවෙන්න ඕනේ.
  • දැන් ඉස්සර වගේ private feedback වලට ලොකු බලපෑමක් කරන්න බෑ. දැන් private feedback වලට වඩා public feeback එක JSS score එකට ගොඩක් බලපානවා.
  • ඉස්සර JSS score එකක් ගත්ත ගමන් rising talent බැජ් එක නැතිව යනවා, ඒවුනාට දැන් Top rated බැජ් එකක් ගන්නකම් rising talent බැජ් එක තියාගන්න පුළුවන්

JSS score කියන්නේ මොකද්ද කියලා අපි දැන් කතා කරමු

JSS score එක 0-100 දක්වා විහිද යන අගයකි. මේ අගය තීරනය වෙන්නේ අපි clients එක්ක කොච්චර හොදට ගනුදෙනු කරලා තියෙනවද යන කාරනය මතයි

JSS score එකක් හැදෙන්න බලපාන මූලික සාධක –

  • public feeback
  • contract history එක
  • dispute history එක
  • long term clientලා මත

JSS score එක වැඩි කරගන්න අපිට මොනාද කරන්න පුළුවන්

  • Clientsලා එක්ක long term projects කරන එක
  • හොදට projects ගොඩක් ඉවර කරලා හොද feedback ගන්න එක
  • හොද අලුත් projects නිතර නිතර ගන්න එක
  • පුළුවන් තරම් disputes වලට යන්නේ නැතිව ඉදීමෙන්
  • Project එකක් ඉවර වුනාම ගොඩක් idle තියන්න යන්න එපා. project එක ඉවර වුනාම clientsලට end කරන්න කියල feedback/ratings ඉල්ලගන්න. පුළුවන් තරම් clientටම contract එක end කරන්න කියන්න. ඔයලා end කරන්න යන්න එපා.

JSS score එක අඩු වෙන හේතු –

  • නෙගටිව් public feeback/private feedback
  • Contract disputes
  • Project අවසාන නොකර contract end කිරීම

Upwork එක කොහොමද JSS score එක calculate කරන්නේ ?

අපිට හරියටම Upwork එක මේ score එක ගණනය කරන එක ගැන ප්‍රසිද්ධ කරලා නෑ. ඒවුනාට එයාලා මෙහෙම කියලා තියෙනවා :

අවුරුදු 2ක් ඇතුලත :

(successful contract outcomes – negative contract outcomes) / total outcomes

(සාර්ථකව අවසන් කරපු contracts වල ප්‍රතිඵල – අසාර්ථක වුන contracts වල ප්‍රතිඵල )/ කරන ලද මුළු contracts වල ප්‍රතිඵල

JSS score එක calculate කරන්නේ කවද්ද ?

සති දෙකකට සැරයක් JSS score එක calculate කරනවා. ඒක වෙන්නේ මෙහෙමයි –

අවුරුදු 2ක් ඇතුලත

පලවෙනි මාස 3 (0-3)
ඊළඟ මාස 3න (3-6)
ඊළඟ මාස 6ය (6-12)
අන්තිම අවුරුද්ද (12-24)

මේ කාල පරාසයින් ඇතුලින් වැඩිපුරම හොදට තියෙන score එක JSS score එක හැටියට ගණනය කරනවා

Agency එකකත් මේ විදිහට තමයි JSS score එක calculate වෙන්නේ. එකම වෙනස තමයි contract history එකට exclusive/non -exclusive freelancer ලා කරපු contracts okkokma ඇතුලත් වෙනවා

ඇයි හොද JSS score එකක් වැදගත් වෙන්නේ –

  • Rising Talent බැජ් එක, Top-rated බැජ් එක, Top-rated plus බැජ් එක, මේ 3නම ගන්න 90ට වැඩියෙන් JSS score එකක් අනිවාරයෙන්ම තියෙන්න ඕනේ.
  • අලුත් Clientsලට freelancers ල තමන්ගේ project එක හොදට කරයි යන විශ්වාසය ඇති කරගන්න පුළුවන්


මගේ JSS score එක ගොඩක් අඩුයි. මම කොහොමද ඒක වැඩිකරගන්නේ ?

හොදම දේ තමයි score eka ගැන වැඩිය හිතන්නේ නැතිව දිගටම හොද projects ටිකක් කරලා හොද feedback ගන්න එක. දන්නෙම නැතිව score එක වැඩිවෙනවා එතකොට

මගේ JSS score එක අඩු නිසා මට jobs win කරන්න හරි අපහසුයි. මම මොකද්ද කරන්න ඕනේ ?

JSS score එක අඩු වුනාම invitation එන එක direct client message එන එක අඩුවෙන්න පුළුවන්. ඒවුනාට community එකේ ගොඩක් අය කියන විදිහට clientලා JSS score එකම විතරක් නෙමෙයි බලන්නේ hire කරද්දී. ඒ නිසා බය නැතිව දිගටම jobs වලට apply කරන්න. job post එක හරියට කියවලා අපිට කොහොමද clientගෙ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන් කියන එක, අපි ඊට සමානව කරලා තියෙන projects මොනාද කියන එක, හරි ප්‍රශ්න අහන එක, මේ වගේ දේවල් වලින් අපිට projects win කරන්න පුළුවන්.

ප්‍රශ්න මොනාහරි තියෙනවනම් අහන්න 🙂

Leave a Reply